Saturday, February 25, 2012

අහස සේ ඔබ අනන්තයි
සයුර සේ ඔබ අනන්තයි
මේ විශ්වයේ.... මා ද්කින්නේ
ඔබම පමණයි.... ඔබ අනන්තයි....

වෙන  තතක් හැඬවෙන තැනක් ඔබ
මදුවිතක් උතුරන තැනක් ඔබ
පිහි තුඩක් දැවටෙන තැනක් ඔබ
පන්හිඳක් ගැවසෙන තැනක් ඔබ....

අඩ සඳක් ගැවසෙන තැනක් ඔබ
රළ පෙළක් පෙරළෙන තැනක් ඔබ
සිසිලසක් දනවන තැනක් ඔබ
උණුසුමක් ගෙන එන තැනක් ඔබ....

No comments:

Post a Comment